Blogging

කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ ජාත්‍යන්තර දිනය අදයි

By Admin Jul 26, 2026

කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ ජාත්‍යන්තර දිනය අදයි

කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ ජාත්‍යන්තර දිනය අදයි


කඩොලාන පරිසර පද්ධති සුරැකීමේ ජාත්‍යන්තර දිනය අද (26) දිනට යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව, තිරසර නිල් ආර්ථිකයක් සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සඳහා නිරෝගී කඩොලාන පරිසරයක් යන්නයි.

ඒ නිමිත්තෙන් පුත්තම දිස්ත්‍රික්කයේ කඩොලාන පරිසර පද්ධති 08 ක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

ඒ අනුව තිල්ලිඅඩිය, සම්මට්ටවාඩිය, මුතලප්පාලි, කුඩාව, කුඹුටු කුලියාව, කරඹේ, කන්දකුලිය සහ මණ්ඩල කුඩාව යන කඩොලාන කලාප නව රක්ෂිත කලාප ලෙස නම් කෙරෙන බවයි සඳහන් කළේ.

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ, වත්මන් ආණ්ඩුව යටතේ මේ වන විට හෙක්ටයාර් 66,000කට අධික භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි වන රක්ෂිත කලාප 94ක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

කඩොලාන පරිසර පද්ධති ජෛව විවිධත්වය සුරැකීම, වෙරළ ඛාදනය අවම කිරීම, කාබන් ගබඩා කිරීම සහ ධීවර ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය ස්වභාවික පද්ධති ලෙස සැලකෙන අතර, ඒවා සංරක්ෂණය කිරීම දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන තිරසර සංවර්ධනයක් සඳහා වැදගත් පියවරක් බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරනවා.




Share this story


Leave a Comment

Discussion

  • No comments yet — start the conversation.